ඉරානය විසින් සිදු කළ ප්‍රහාරයකින් විනාශයට පත් වූ F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිට අතුරුදන් වූ ගුවන් නියමුවා ඉරානය අත්අඩංගුවට ගෙන තිබේ නම්, එය ගැටුම පහළ දැමීමට උත්සාහ කරන අවස්ථාවලදී ඉරානයට ප්‍රාණ ඇපකරුවෙකු ලෙස වාසිදායක තත්ත්වයක් සපයනු ඇතැයි Chatham House හි ඇමරිකානු සහ උතුරු ඇමරිකානු වැඩසටහන් අධ්‍යක්ෂිකා Laurel Rapp සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය අවධාරණය කළේ, අනතුරට ලක් වූ ජෙට් යානයේ අතුරුදන් වූ කාර්ය මණ්ඩල සෙබළා සොයාගෙන ආරක්ෂිතව මුදා ගැනීම ඉතා වැදගත් හා තීරණාත්මක මෙහෙයුමක් බවයි.
තවද, එම සෙබළා ඉරානය විසින් අත්අඩංගුවට ගෙන ඔහුගේ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කළහොත්, දැනටමත් ජනප්‍රිය නොවන මෙම යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකානු ජනතාව අතර පවතින අකමැත්ත තවදුරටත් වැඩි විය හැකි බවත් ඇය අවධාරණය කළා.