වැල්ලවායෙන් හැටන් ඇබෝස්ලි වතුයාය වෙත දර ප්‍රවාහනය කරමින් ගමන් කළ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100කට ආසන්න ප්‍රපාතයකට පෙරළී තේ වත්තකට වැටී ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුරින් ලොරියේ රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් ලිදුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
වැල්ලවායෙන් හැටන් ඇබෝස්ලි වතුයාය වෙත දර රැගෙන යමින් තිබූ මෙම ලොරියේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීමෙන් ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරාගේ පාලනයෙන් ඉවතට ගොස් ප්‍රපාතයට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ලිදුල පොලිසිය පැවසීය.