මාතලේ පොලිස් බලප්‍රදේශයට අයත් අතිරහපිටිය ගම්මානයේදී තියුණු ආයුධයක් භාවිතා කර පුද්ගලයෙකු ඝාතනය කළ බවට පුවතක් වාර්තා වේ.
මාතලේ පොලිස් බලප්‍රදේශයට අයත් අතිරහපිටිය ගම්මානයේදී තියුණු ආයුධයක් භාවිතා කර පුද්ගලයෙකු ඝාතනය කළ බවට පුවතක් වාර්තා වේ.
මෙම අපරාධය ඊයේ (24) උදෑසන සිදුව ඇති අතර, මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 64ක පුද්ගලයෙකි.
පොලිස් විමර්ශන අනුව, මියගිය පුද්ගලයා හා ඔහුගේ පුත්‍රයා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු, කෝපයට පත් පුත්‍රයා විසින් සිය පියාට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇති බව අනාවරණය වී ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 33ක සැකකාර පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මාතලේ පොලිසිය විසින් සිදුකරමින් පවතී.
රත්නපුර, බලංගොඩ මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ පිහිටි ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ බලංගොඩ, මහවලතැන්...