Breaking

Post Top Ad

Saturday, April 25, 2026

අවුරුදු උත්සවයේ ගැටුමෙන් මල්ලී බේරගන්න ගිය පොලිස් අයියා මරුට

 වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ පැවැති බක්මහ උළෙලක් අවසන් වූ පසු ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.


මියගොස් ඇත්තේ මාලිගාවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ, වලස්මුල්ලේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙකි.


උළෙල පැවැති ස්ථානය පිරිසිදු කරමින් සිටි සිය සහෝදරයාට පිරිසක් පහර දෙන බවට ලද තොරතුරක් අනුව ඔහු මෝටර් රථයෙන් එම ස්ථානයට ගොස් ඇත.


එහිදී සහෝදරයා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී, විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයකින් සැරයන්වරයා බරපතළ තුවාල ලබා තිබේ.


ඔහු මුලින් වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලටත්, එතැනින් කරාපිටිය මහ රෝහලටත් මාරු කර යවා ඇත.


එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර අවසන් කටයුතු හෙට (26) පොලිස් ගෞරව මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.

Post Top Ad

Pages