‘ලාෆ්’ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල සංශෝධනය කරමින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 1,070 කින් ඉහළ දැමූ බව අද (5) පස්වරුවේ නිවේදනය කළා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිලද රුපියල් 418 කින් වැඩි කර ඇති අතර, නව මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වේ.
මෙම සංශෝධනයෙන් පසු, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,700ක් වන අතර, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 2,280ක් දක්වා ඉහළ ගොස් ඇත.
සමාගම සඳහන් කළේ, ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යාම, ආනයන වියදම් වැඩිවීම, එමෙන්ම දේශීයව ඉන්ධන මිල, විදුලි ගාස්තු සහ අනෙකුත් මෙහෙයුම් වියදම් ඉහළ යාම හේතුවෙන් සමස්ත බෙදාහැරීමේ පිරිවැය වැඩිවී ඇති බවයි.