නාවලපිටිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ අද (05) පස්වරු 2.30 ට පමණ සිදුවූ දරුණු රිය අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නාවලපිටිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ අද (05) පස්වරු 2.30 ට පමණ සිදුවූ දරුණු රිය අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ නාවලපිටිය පළමුවන හා දෙවන දුම්රිය ගේට්ටු අතර ප්‍රදේශයේදීයි.
අනතුරින් මියගොස් ඇත්තේ උලපනේ ප්‍රදේශයේ පදිංචි ඉසුරු රත්නායක නම් තරුණයෙකි.
පොලිසිය සඳහන් කළේ, ඔහු නාවලපිටිය නගරයේ පැවැත්වෙන කොරියානු භාෂා පන්තියකට සහභාගී වීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.
මාර්ග අයිනේ නවතා තිබූ මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී, ඉදිරියෙන් පැමිණි ටිපර් රථය හේතුවෙන් ඔහු හදිසි ලෙස තිරිංග යොදා ඇත. එම අවස්ථාවේ යතුරුපැදිය පාලනයෙන් පිටවී මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර, තරුණයා ඉදිරියට විසි වී ගොස් නාවලපිටිය සිට ගම්පොළ දෙසට ධාවනය වූ ටිපර් රථයක පසුපස රෝදයට යටවී ජීවිතක්ෂයට පත්ව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
බණ්ඩාරගම, වීදියගොඩ ප්රදේශයම ශෝකයට පත් කළ 42 හැවිරිදි නදීෂානි තරංගිකා ගුරු මාතාවගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් තවත් සංවේදී තොරතුරු රැසක් අ...