ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 775 කින් ඉහළ දමා ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (5) නිවේදනය කළා.
එයට අනුව, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක් රුපියල් 308 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක් රුපියල් 140 කින් ඉහළ දමා ඇති අතර, නව මිල අද (5) මධ්‍යම රාත්‍රීයෙන් පසු ක්‍රියාත්මක වේ.
මෙම සංශෝධනයත් සමඟ කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 4,765 දක්වාද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,910 දක්වාද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 890 දක්වාද ඉහළ ගොස් ඇත.
ගෝලීය යුධමය තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ එල්පී ගෑස් මිල වේගයෙන් ඉහළ යාම නිසා ආනයන වියදම් වැඩිවී ඇති බවද, එළඹෙන අලුත් අවුරුදු සමය හා ජීවන වියදම සලකා මෙම මිල සංශෝධනය සිදුකළ බවද සභාපතිවරයා සඳහන් කළා.
තවද, මෙම මාසය සඳහා ඇණවුම් කර ඇති මෙට්‍රික් ටොන් 38,000 ක ගෑස් තොගය මේ වන විට මාලදිවයින ආසන්නයේ පාවෙන ගබඩාවක තිබෙන අතර, ඒ අනුව සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.