මුලතිව් සිට පරන්තන් දෙසට ගමන් කළ ලෝඩර් රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ ඔහු සමඟ ගමන් කළ අනෙක් තරුණයා වහාම ධර්මපුරම් රෝහලට රැගෙන ගියද, එහිදී ඔවුන් මියගොස් ඇති බව වාර්තා වේ.
මියගිය දෙදෙනාම වයස අවුරුදු 20ක් වූ ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් අනතුරුව ලෝඩර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරට සම්බන්ධ රථයද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම අනතුර පිළිබඳව ධර්මපුරම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.