Breaking

Post Top Ad

Monday, April 6, 2026

වල්අලි ප්‍රහාරකින් ගොවියන් 3න් දෙනෙක් මරුට

 

අනුරාධපුරයේ එප්පාවල සහ ප්‍රියංකරගම ප්‍රදේශ දෙකක සිදුවූ වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරු සඳහන් කළහ.


මෙලෙස මියගොස් ඇත්තේ එප්පාවල, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචි උදය චන්දන පලුගස්වැව (36) නම් නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ කාර්මික නිලධාරියෙකි. ඔහු විවාහක දෙදරු පියෙකි. එම ප්‍රදේශයේම පදිංචි දිසානායක මුදියන්සේලාගේ මංගල ප්‍රසාද් (48) නම් අවිවාහක ගොවියෙකුද මියගොස් ඇත.


මෙම දෙදෙනා අද උදෑසන 8ට පමණ අමුණුකොලේ වැව අසල පිහිටි කුඹුරක වගා කටයුතු කරමින් සිටියදී පැමිණි තනි වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බව එප්පාවල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක බී.ආර්.ඩී. බණ්ඩාර මහතා පැවසීය.


ඒ අතර, ප්‍රියංකරගම ප්‍රදේශයේ තම නිවසේ ගෙවත්තේ වගා කටයුතු කරමින් සිටි කිරිහාමිගේ රංග ධර්මචන්ද්‍ර කුමාර (51) නම් අනුරාධපුර ශික්ෂ රෝහලේ සාත්තු සේවකයෙකුද අද වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේදීම මියගොස් ඇති බව ප්‍රියංකරගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. ලක්සිරි මහතා සඳහන් කළේය.

Post Top Ad

Pages