Breaking

Post Top Ad

Thursday, April 2, 2026

තිස්සමහාරාමයේ 14 හැවිරිදි සුමනධම්ම හිමියන්ට 'A' සාමාර්ථ 3ක්

 

ඉලක්ක සපුරාගැනීමට වයස හෝ තත්ත්වය වැදගත් නොව, අධිෂ්ඨානය හා කැපවීම මූලික බව පෙන්වාදෙන ආකර්ෂණීය සිද්ධියක් මෙවර වාර්තා වී තිබේ.


මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ තුනක් හිමිකරගත් වයස අවුරුදු 14ක් වූ හිමි නමක් පිළිබඳ මෙම විශේෂ පුවතයි.


කිරුළපන සිරි කිරුළාශ්‍රම විහාරස්ථානයේ වැඩ වසන ප්‍රාචීන පණ්ඩිත පූජ්‍ය තිස්සමහාරාමයේ සුමන ධම්ම හිමියන් කලා විෂයධාරාවෙන් විභාගයට පෙනී සිටි අතර, පාලි, සංස්කෘත සහ බුද්ධ ධර්මය යන විෂයන් තුනෙන්ම A සාමාර්ථ ලබාගැනීමට සමත් වී ඇත.


සාමාන්‍යයෙන් මෙම වයසේ දරුවන් 9 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර, එවැනි අවස්ථාවක උසස් පෙළ විභාගයෙන් මෙවැනි ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීම විශේෂ සම්මානයක් ලෙස සැලකේ.

Post Top Ad

Pages