Breaking

Post Top Ad

Monday, April 27, 2026

බෝම්බ පිපිරීමකින් කොලොම්බියාවේ ළමුන් ඇතුළු 14ක් මරුට

 

නිරිතදිග කොලොම්බියාවේ කාර්යබහුල මාර්ගයක් ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රබල බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මෙම සිදුවීමෙන් කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළු තවත් 38 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවද වාර්තා සඳහන් කරයි.


පිපිරීම සිදුව ඇත්තේ කොලොම්බියාවේ ප්‍රධාන මාර්ගයක් වන පෑන්-ඇමරිකන් (Pan-American) මහාමාර්ගයේ කාජිබියෝ ප්‍රදේශයේදීය.


සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු වූ මෙම ප්‍රහාරය හේතුවෙන් මහාමාර්ගයේ මීටර් කිහිපයක් ගැඹුරු විශාල ආගාධයක් ඇති වී ඇති අතර, ඒ අසල තිබූ මෝටර් රථ, ට්‍රක් රථ සහ බස් රථ රැසකටද දැඩි හානි සිදුව තිබේ.


කොකා (Cauca) ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඔක්ටේවියෝ ගුස්මාන් ප්‍රකාශ කර ඇත්තේ මෙය හුදකලා සිදුවීමක් නොව, සති අන්තයේ රට පුරා සිදු වූ දරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවක කොටසක් බවයි.

Post Top Ad

Pages