Breaking

Post Top Ad

Tuesday, April 28, 2026

අකුණු සැර වැදීමෙන් දෙදෙනෙක් මරුට

 

 කලාවැව හා විජිතපුර අවට ප්‍රදේශවලට අද (27) සවස ඇදහැලුණු වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු ප්‍රහාර හේතුවෙන් විජිතපුර ප්‍රදේශයේ වගා බිම්වල සිටි ගොවීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.


අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ විජිතපුර කනක්කන්මඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක් වන ජෙමාල්දීන් බදූර්දීන් සහ විජිතපුර පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් වන තෙන්නකෝන් මුදියන්සේලාගේ ජැක්සන් සේනාරත්න තෙන්නකෝන් යන දෙදෙනා බව පොලිසිය සඳහන් කරයි.


ඔවුන් දෙදෙනා තම වගා බිම්වල බිම් සකස් කිරීමේ කටයුතු කරමින් සිටියදී මෙම අකුණු ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


මියගිය බදූර්දීන් මහතාගේ මළසිරුර ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර තෙන්නකෝන් මහතාගේ මළසිරුර කලාවැව රෝහලේ තැන්පත් කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිදුකරනු ලබයි.

Post Top Ad

Pages