Breaking

Post Top Ad

Tuesday, April 28, 2026

79 හැවිරිදි එක් දරු මව දූෂණය කර, ඝාතනය කර, කන කපා රන් කරාබු දෙක කොල්ලකෑ සැකකරු කොටු වෙයි

 කිරිඳිවැල පොලිසිය පවසන්නේ, නිවසේ තනිව සිටි 79 හැවිරිදි එක් දරු මවක් දූෂණය කර, ගෙල සිරකර ඝාතනය කරමින් ඇයගේ කන කපා පැළඳී තිබූ රන් කරාබු දෙක කොල්ලකෑ බවට සැක කෙරෙන 67 හැවිරිදි ප්‍රධාන සැකකරු දිගු විමර්ශනයකින් පසු දින 38කට අනතුරුව ඊයේ (26) අත්අඩංගුවට ගත් බවයි.


සැකකරු කන කපීමට භාවිතා කළ බව කියන උල් පිහිය සහ එම අවස්ථාවේදී ඔහු පැළඳ සිටි බවට සැක කරන ඇඳුම්, ඔහුගේ ප්‍රකාශ අනුව කිරිඳිවැල කිරිමැටියවත්ත ප්‍රදේශයේ ඔහුගේ සොහොයුරියගේ නිවසක සඟවා තිබූ අතර, ඒවා පොලිසිය විසින් සොයාගෙන ඇත.


මෙම ඝාතනයට ලක් වූයේ කිරිඳිවැල හිස්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්. ඩි. තිලකා මාලනි ජයරත්න නමැති වයෝවෘද්ධ කාන්තාවකි.

Post Top Ad

Pages