Breaking

Post Top Ad

Tuesday, April 28, 2026

තරුණයකු ගෙල සිරකර කැලණි ගඟේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධියට පුද්ගලයන් 5ක් අත්අඩංගුවට

 19 හැවිරිදි තරුණයෙකු පැහැරගෙන ගොස් ගෙල සිරකර කැලණි ගඟට ගිල්වා ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මට්ටක්කුලිය පොලීසිය පවසයි.


මෙම පැහැරගැනීමට භාවිතා කළ සුඛෝභෝගී මෝටර් රථයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.


මෙලෙස ඝාතනයට ලක්වූයේ කොළඹ 14, ඩූ මැන්ඩල් පාරේ පදිංචිව සිටි ශ්‍රී කාන්දන් බාත්තික්කුමාර් නමැති තරුණයෙකි.


විමර්ශන අනුව, සැකකරුවන් ඉකුත් 22 වැනි දින මෝටර් රථයකින් පැමිණ ඔහු පැහැරගෙන, මට්ටක්කුලිය කැලණි ගඟේ දෙල්ගහවත්ත හන්දිය අසල ගං ඉවුරට රැගෙන ගොස් ඇත. එහිදී රෙදි පටියක් භාවිත කර ගෙල සිරකර ඔහු ඝාතනය කර, මළ සිරුර ගඟට ගිල්වා පලා ගොස් ඇති බව අනාවරණය වී ඇත.

Post Top Ad

Pages