Breaking

Post Top Ad

Tuesday, April 28, 2026

ගුවන් අනතුරකින් දකුණු සුඩානයේ 14ක් මරුට

 දකුණු සුඩානයේ ජුබා අගනුවරට ආසන්නයෙන් මගී ගුවන් යානයක් කඩා වැටී එහි සිටි සියලු පුද්ගලයින් 14 දෙනාම මියගොස් ඇති බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය (SSCAA) පවසයි.


අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුර සිදුව ඇති බවට අනාවරණය කෙරේ. ගුවන් යානය ගුවන් ගතවී මිනිත්තු 30කට ආසන්න කාලයක් තුළ සම්බන්ධතා කඩාවැටී තිබුණි.


මෙම අනතුරින් මියගිය අය අතර ගුවන් නියමුවා සහ මගීන් 13 දෙනෙකු සිටී. මගීන් අතරින් 12 දෙනෙකු සුඩාන ජාතිකයින් වන අතර, ඉතිරි දෙදෙනා කෙන්යානු ජාතිකයින් බව සඳහන් වේ.


2011දී නිදහස ලැබීමෙන් පසු ගත වූ දශකය තුළ සුඩානයේ ගුවන් අනතුරු 55කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එමඟින් බොහෝ ජීවිත අහිමි වී ඇත.


එම අනතුරු අතරින් 2015 නොවැම්බර් මාසයේ ජුබා ගුවන් තොටුපළ අසල සිදුවූ ඇන්ටනොව් ගුවන් යානා අනතුරේදී පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් ඇති අතර, එය එරට ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුර ලෙස සැලකේ.

Post Top Ad

Pages