Breaking

Post Top Ad

Monday, April 27, 2026

රක්ෂිතයක අභීරහස් ලෙස මිය ගිය නාදුනන පුද්ගල මළ සිරුරක්

 ඉපලෝගම ප්‍රදේශයේ රක්ෂිතයකින් අද (26) අභීරහස් ලෙස මිය ගිය නාදුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.


ලැබුණු තොරතුරකට අනුව, ඉපලෝගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසියකදී මෙම මළ සිරුර හමුවී ඇත.


එය ඉපලෝගම පල්ලෙකාගම රක්ෂිතය තුළින් සොයාගෙන ඇති බවත්, මළ සිරුර වයස අවුරුදු 55ක් පමණ වන පුද්ගලයෙකුගේ බවට සැක පළ වන බවත් පොලිසිය පැවසීය.


මෙම පුද්ගලයා දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බවටද අනාවරණය වේ.


සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ඉපලෝගම පොලිසිය විසින් සිදුකරමින් පවතී.

Post Top Ad

Pages