වාරියපොළ–කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හංසමුණ හන්දිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ 78 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඊයේ (25) දින කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදියක්, මාර්ගය හරහා යමින් සිටි පදිකයෙකුට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මහකෙලිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාරියපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.