කැලණි ගඟේ පාවෙමින් තිබූ 19 හැවිරිදි තරුණයෙකුගේ මෘත දේහය මට්ටක්කුලිය ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර, ඔහු දියේ ගිල්වා ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.
කැලණි ගඟේ පාවෙමින් තිබූ 19 හැවිරිදි තරුණයෙකුගේ මෘත දේහය මට්ටක්කුලිය ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර, ඔහු දියේ ගිල්වා ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා, ඊයේ (22) රාත්‍රියේ සේවය අවසන් කර නිවසට පැමිණෙන බව දුරකථනයෙන් බිරිඳට දැනුම් දී තිබුණද, මධ්‍යම රාත්‍රිය වන තුරුත් ඔහු නොපැමිණීම හේතුවෙන් පොලිසියට දැනුම් දීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, අද උදෑසන ඔහුගේ සිරුර කැලණි ගඟේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇති අතර, කිසියම් පිරිසක් ඔහු පැහැගෙන ගොස් දියේ ගිල්වා ඝාතනය කර තිබිය හැකි බවට පොලිසිය සැක කරයි.
මේ අතර, ගම්පහ - පහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 13 හැවිරිදි දරුවා අද ගාලුමුවදොර පිටියේදී රැඳී සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
දරුවා ඊයේ සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර තිබූ අතර, තම පියා විසින් තරවටු කරන බවට මව කළ ප්‍රකාශයට බිය වී නිවසින් පලා ගිය බව දරුවා පොලිසියට ප්‍රකාශ කර ඇත.
රත්නපුර, බලංගොඩ මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ පිහිටි ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ බලංගොඩ, මහවලතැන්...