Breaking

Post Top Ad

Friday, April 24, 2026

රත්නපුර ඇතිවූ ගින්නෙන් කඩ 90කට හානි

 

රත්නපුර පොල සංකීර්ණයේ අද අලුයම හටගත් ගින්නක් හේතුවෙන් කඩ කාමර 90කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බව රත්නපුර පොලිසිය සඳහන් කරයි.


මහල් තුනකින් සමන්විත මෙම පොල සංකීර්ණයේ දෙවන මහලේ ගින්න ආරම්භ වී ඇති අතර, එළවළු, පලතුරු සහ සහල්, පරිප්පු, සීනි, අල, ලූණු වැනි ආහාර ද්‍රව්‍ය සිල්ලර සහ තොග වශයෙන් අලෙවි කළ කඩ රැසක් එයින් විනාශයට පත්ව ඇති බව ද පොලිසිය පවසයි.


ගින්න පාලනය කිරීම සඳහා රත්නපුර මහ නගර සභාව හා බලංගොඩ නගර සභාව ඒකාබද්ධව ක්‍රියාත්මක වී තිබේ.

Post Top Ad

Pages