Breaking

Post Top Ad

Thursday, April 30, 2026

19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වෛද්‍යවරියන් නාන දසුන් රූගත කරලා

 සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා පැමිණ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික හෝටලයක නවාතැන්ගෙන සිටි වෛද්‍යවරියන් කිහිපදෙනෙකු නාන කාමර තුළ සිටියදී ජංගම දුරකථන භාවිතයෙන් රහසිගතව වීඩියෝගත කළ බවට සැකපිට තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු බවට හඳුනාගෙන ඇති මෙම සැකකරුවන් සම්බන්ධයෙන් නාරාහේන්පිට විසින් විමර්ශන ආරම්භ කර ඇත.


මෙම සැකකරුවන් වෛද්‍යවරියන්ට අමතරව පිරිමි පුද්ගලයින්ගේ ද වීඩියෝ දර්ශන රහසිගතව ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර, එම දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබේද යන්න පිළිබඳවද වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.


අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Post Top Ad

Pages