කන්කසන්තුරය උඩුත්තරය ප්‍රදේශයේ පිහිටි මහා විද්‍යාලයක ගුරුවරියන් 16 දෙනෙකුගේ සමූහ ඡායාරූපයක් AI තාක්ෂණය භාවිතයෙන් අසභ්‍ය ලෙස සංස්කරණය කර වට්සැප් මාර්ගයෙන් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේම සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සිසුන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින පිරිසක් බවද අනාවරණය වී තිබේ.
විද්‍යාලයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂණවලදී ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන තුළද AI තාක්ෂණයෙන් සංස්කරණය කරන ලද අදාළ ගුරුවරියන්ගේ ඡායාරූප සොයාගෙන ඇති බව වාර්තා වේ.