Breaking

Post Top Ad

Thursday, April 30, 2026

බඹරකන්දේ අතරමං වූ සරසවි සිසුන් තිදෙනා මුදවා ගනී

 

හල්දුම්මුල්ල බඹරකන්ද දියඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටියදී අතරමං වූ සරසවි සිසුන් තිදෙනා අද (29) සවස ආරක්ෂිතව මුදාගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.


අධික වර්ෂාව හේතුවෙන් බඹරකන්ද දියඇල්ලේ ජල මට්ටම දැඩි ලෙස ඉහළ යාමත් සමඟ එම ප්‍රදේශය හරහා ගමන් කිරීම අපහසු වී, සිසුන් තිදෙනා රාත්‍රී වන තෙක් එහි අතරමංව සිට ඇති බව වාර්තා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව හල්දුම්මුල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වහාම ස්ථානයට ගොස්, කඩිනම් මෙහෙයුමක් දියත් කර ඔවුන් ආරක්ෂිතව මුදාගෙන තිබේ.

Post Top Ad

Pages