චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන එක්ස්පෙන්ග් (XPENG) 2027 වසරට පෙර පියාඹන මෝටර් රථ හා මානවරූපී රොබෝ යන්ත්‍ර මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව සමාගම ප්‍රකාශ කරයි.
දැනටමත් පියාඹන මෝටර් රථ සඳහා ඇනවුම් 7000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති අතර, ඒ සඳහා චීනයේ ගුවන් බලධාරීන්ගේ අවසර ලබා ගැනීමේ ක්‍රියාවලිය ද සිදුවෙමින් පවතී.
එසේම, එක්ස්පෙන්ග් සමාගම රොබෝටැක්සි පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඉදිරි මාස 12 සිට 18 අතර කාලය තුළ රොබෝටැක්සි දහස් ගණනින් නිෂ්පාදනය කිරීමටද සැලසුම් කර ඇත.