Breaking

Post Top Ad

Friday, April 24, 2026

අඩි පාරක් දිගේ ගමන් කළ පුද්ගලයකු ලිඳකට වැටී මරුට

 තෙලිප්පලේ අලවෙඩ්ඩි ප්‍රදේශයේ අඩි පාරක් ඔස්සේ ගමන් කරමින් සිටි පුද්ගලයකු ලිඳකට වැටී ඊයේ (22) රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇති බව තෙලිප්පලේ පොලිසිය සඳහන් කරයි.


මෙලෙස මියගොස් ඇත්තේ අලවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 77ක් වූ පුද්ගලයෙකි.


පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර, එම පුද්ගලයා අහම්බෙන් ලිඳට වැටුණාද, එසේ නොමැති නම් එය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.


මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යාපනය රෝහලේ මෘත ශරීරාගාරයට භාරදී ඇති අතර, තෙලිප්පලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Post Top Ad

Pages