දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ, පොලොන්නරුව – මහියංගනය ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඊයේ (04) රාත්‍රී සිදුවූ මෙම අනතුර, එම මාර්ගයේ කිලෝමීටර් 41 කණුව ආසන්නයේදී වාර්තා වී තිබේ.
පොලොන්නරුව දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදිය, පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, අසල තිබූ ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම දෙහිඅත්තකණ්ඩිය රෝහලට රැගෙන ගොස් ඇතුළත් කර තිබුණද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 149, පල්ලේගම, සිරිපුර ප්‍රදේශයේ පදිංචි විහග පාලිත ජයලත් නමැති 23 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.