උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් යාපනයේ තරුණ සිසුවෙකු අකාලයේ අභාවයට පත්වී ඇති බව වාර්තා වේ.
2025 උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් ‘A’ සාමාර්ථ 3ක් ලබාගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනි ස්ථානය හිමි කරගත්, දකුණු ඉනුවිලෙයි ප්‍රදේශයේ පදිංචි ලවන් අක්ෂයන්ත නම් මෙම දක්ෂ ශිෂ්‍යයා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
යාපනය හින්දු විද්‍යාලයටත්, සිය පවුලටත් ගෞරවයක් ගෙන ආ මෙම ප්‍රතිභාසම්පන්න තරුණයා, දීප්තිමත් සරසවි ගමනකට පියවර තැබීමට සූදානම්ව සිටියේය. ඔහුගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය සමරන්නට බලා සිටි ඔහුගේ ආදරණීයයන්ට, අද මුහුණදීමට සිදුව ඇත්තේ එම සුන්දර අනාගතය අකාලයේ අවසන් වීම පිළිබඳ දැඩි ශෝකයකි.