Breaking

Post Top Ad

Wednesday, April 29, 2026

පාසල් බසයක් අනතුරට ලක්වීමෙන් ළමුන් 34ක් රෝහල් ගත කෙරේ

 

බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයෙන් බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල ලබා අද (28) බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය මහතා සඳහන් කළේය.


ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරාට එය නතර කිරීම අපහසු වී ඇති අතර, බස් රථය පාලනය කර ගැනීම සඳහා ප්‍රධාන මාර්ගයේ පස් කන්දක ගැටවමින් නවතා ඇත.


අනතුරෙන් තුවාල ලැබූ ළමුන් අතරින් දස දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර, බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අනෙක් ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වෛද්‍ය නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Post Top Ad

Pages