Breaking

Post Top Ad

Thursday, April 2, 2026

මිනීමැරුම් නඩු තුනකට 4 දෙනෙකු පෝරකයට


 මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් දිගු කාලයක් විභාග වූ නඩු තුනකට අදාළව නුවරඑළිය මහාධිකරණය විසින් සැකකරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම් නියම කර ඇත.


මෙම තීන්දුව අද (02) දින මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා විසින් ප්‍රකාශයට පත් කළ බව වාර්තා වේ.


1998 වසරේ නානුඔය පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ ඝාතනයකට අදාළව 47 හැවිරිදි පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර ඇත.


එමෙන්ම 2019 වසරේ පට්ටිපොළ ප්‍රදේශයේ තම මව, බිරිඳ සහ දරුවා ඝාතනය කළ බවට වරදකරු වූ 55 හැවිරිදි පුද්ගලයෙකුටද එම දඬුවම නියම කර තිබේ.

වීඩියෝව නරඹන්න 👇👇👇

අමතරව, 1990 වසරේ බගවන්තලාව ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 64 හා 62 හැවිරිදි පුද්ගලයන් දෙදෙනාටද මරණ දඬුවම් නියම කර ඇත.

Post Top Ad

Pages