Breaking

Post Top Ad

Thursday, April 2, 2026

සඳ වෙත මිනිසුන් යළි ගෙන යන Artemis II සඳ බලා යයි

 ඇමෙරිකානු නාසා ආයතනය විසින් ක්‍රියාත්මක කරන ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව ආරම්භ වී ඇත. මෙම මෙහෙයුම සඳහා ගගනගාමීන් සිවුදෙනෙකු රැගත් ‘ඔරායන්’ ගගන කැප්සියුලය, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට්ටුව සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සවස 6.35ට ගුවන්ගත කරන ලදී.


‘ආටිමිස් 2’ යනු වසර 57කට පසු යළි සඳ වෙත යාම සඳහා ක්‍රියාත්මක වන නාසා මෙහෙයුමක් වන අතර, මෙය ප්‍රධාන වශයෙන් පෙරහුරු ගමනක් ලෙස සැලකේ. මෙහිදී ‘ඔරායන්’ කැප්සියුලය සඳ මත ගොඩබෑමක් සිදු නොකර, ගගනගාමීන් රැගෙන සඳ වටා පරිභ්‍රමණය කරමින් දින 10ක් තුළ නැවත පෘථිවියට පැමිණීමට නියමිතය.


රොකට්ටුව ගුවන්ගත වූ අවස්ථාවේ, නරඹන්නන් සහ මෙහෙයුමට සම්බන්ධ ඉංජිනේරුවන් හා තාක්ෂණවේදීන්ගේ උද්යෝගය මධ්‍යයේ එය වේගයෙන් ඉහළට නැගී ගියේය. පසුව රොකට්ටුවේ අදියර අනුව වෙන්වෙන කොටස් සැලසුම් කළ පරිදි සාගරයට වැටී ඇති අතර, ඒවා නැවත භාවිතා කිරීම සඳහා එක්රැස් කිරීම ඇමෙරිකානු නාවික හමුදාව විසින් සිදු කර ඇත.


මෙම මෙහෙයුමට එක්වූ ගගනගාමීන් අතරින් තිදෙනෙක් නාසා ආයතනයට අයත් වන අතර, සිවුවැනි ගගනගාමියා කැනඩා අභ්‍යවකාශ ආයතනය නියෝජනය කරන ජෙරමි හැන්සන් වේ.


නාසා ගගනගාමීන් තුළ කාන්තාවක් ද සිටීම විශේෂත්වයක් වන අතර, ඇය ක්‍රිස්ටිනා හැමොක් කොච් ය. මෙහෙයුමට නායකත්වය දරන්නේ රීඩ් වයිස්මන් වන අතර, කැප්සියුලයේ නියමුවා ලෙස වික්ටර් ග්ලෝවර් කටයුතු කරයි. වික්ටර් ග්ලෝවර්, සඳ වෙත ගමන් කරන පළමු කළු ජාතික ගගනගාමියා ලෙසද ඉතිහාසගත වේ.

Post Top Ad

Pages