Breaking

Post Top Ad

Thursday, April 2, 2026

ටික් ටොක් ගියාට පියා දරුවාගේ පස්ස පුච්චලා

පාඩම් නොකර අන්තර්ජාලයෙන් “ටික් ටොක්” වීඩියෝ නැරඹමින් සිටි තම බාලවයස්කාර පුතාට කෝපයට පත් වූ පියෙකු, රත් කළ යකඩ කූරකින් ඔහුට බරපතළ තුවාල සිදු කළ බවට දෙණියාය පොලීසිය පවසයි. මෙම සිද්ධියට අදාළව එම පියා අත්අඩංගුවට ගෙන තිබේ.


වාර්තා අනුව, පියා කුලී වැඩකට ගොස් සිටියදී තම ජංගම දුරකථනය නිවසේ අමතකව තිබූ අතර, එය භාවිතා කරමින් දරුවන් “ටික් ටොක්” වීඩියෝ නැරඹා තිබුණි. පසුව වැඩ නිමවා නිවසට පැමිණි පියා, දරුවන්ට පාඩම් කිරීමට උපදෙස් දී තමන් ආහාර පිළියෙල කිරීමට ගොස් ඇත.


එක් වරක් දරුවන් පාඩම් කරන්නේදැයි සොයා බැලීමට ගිය අවස්ථාවේදී, ඔවුන් නැවතත් ජංගම දුරකථනය භාවිතා කරමින් වීඩියෝ නරඹමින් සිටින අයුරු දැක කෝපයට පත් වූ පියා, ලිපේ රත් වූ යකඩ කූරක් ගෙන 13 හැවිරිදි වැඩිමහල් පුතාගේ පිටුපස ප්‍රදේශය පුළුස්සා තුවාල කර ඇත.


මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් වූ විද්‍යාලයේ විදුහල්පතිවරයා, සිසුවාට වහා ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා ඔහු දෙණියාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු මාතර මහ රෝහල වෙත මාරු කර යවා ඇත.


ඊට අමතරව, පවුලේ ජීවන තත්ත්වය සොයා බැලීමට නිවසට ගිය දෙණියාය පොලිස් ස්ථානාධිපතිවරයාට, එම පවුල අතිශය දුප්පත් තත්ත්වයක ජීවත්වන බව අනාවරණය වී තිබුණි. නිවස තුළ කෑමටවත් අවශ්‍ය ද්‍රව්‍ය නොතිබීම දැක, ඔහු සහ සමඟ සිටි නිලධාරීන් මුදල් එකතු කර වහාම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමටද පියවර ගෙන තිබේ.

Post Top Ad

Pages