බංග්ලාදේශයෙන් අත්අඩංගුවෙන් නිදහස් වූ ශ්‍රී ලාංකික ධීවර 6 දෙනා, මාස 6කට පසු අදාළ රටේ රජයෙන් නිදහස ලබාගෙන තිබේ.
ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම ධීවරයින් හෙට (අප්‍රේල් 2) අලුයම දිවයිනට ළඟා වීමට නියමිත බවයි.
2025 ජූලි 16 වන දින, සුදු දුව 4 නම් බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදට ගිය මෙම ධීවරයින් බංග්ලාදේශ සමුද්‍රීය සීමාව උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වීමෙන් එරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ ධීවරයින් චැතගොම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා තිබූ අතර, ඔවුන්ට එරට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබූ බව දැනගන්නට ලැබේ.
අවසානයේ, ශ්‍රී ලංකාවේ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බංග්ලාදේශ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සිදු කළ රාජ්‍ය මැදිහත්වීමක් මඟින් ධීවරයින් 6 දෙනා නිදහස් කළ හැකිවූ බව ධීවර අමාත්‍යාංශය නිවේදනය කළේය.