බණ්ඩාරවෙල පොලිස් බලප්‍රදේශයට අයත් ඇටම්පිටිය ප්‍රදේශයේ දෙමහල් නිවසක වහලය මත අලුත්වැඩියා කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකු බිමට වැටී මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඊයේ (31) දහවල් සිදුවූ මෙම අනතුරේදී, ඔහු තවත් පුද්ගලයෙකු සමඟ එක්ව වහලය අලුත්වැඩියා කරමින් සිටියදී අතපසුවීමක් හේතුවෙන් පහළට වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
බරපතල තුවාල ලැබූ ඔහු වහාම බණ්ඩාරවෙල රෝහලට රැගෙන ගොස් ඇතුළත් කර තිබුණද, එහිදී ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.