මොරටුව නව ගාලු පාරේ, එගොඩඋයන ප්‍රදේශයේ අනාරක්ෂිතව තිබූ වළකට වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම වළ විදුලි කණුවක් සවිකිරීම සඳහා කැපූ එකක් විය හැකි බවට සැක කෙරේ.
මරණයට පත්ව ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
මාර්ගයේ ගමන් කළ අයෙකු විසින් ඔහු වළ තුළ වැටී සිටින අයුරු දැක පොලීසියට දැනුම් දී තිබේ. පොලීසිය සැක කරන්නේ, ඔහු පෙර දින රාත්‍රියේ මෙම අනතුරට ලක්ව ඇති බවයි.
වළ වටා කිසිදු ආරක්ෂිත වැටක් නොතිබීමද මෙම අනතුරට හේතුවක් විය හැකි බව පැවසේ.
මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් මහතා ස්ථානීය පරීක්ෂාවක් සිදුකර, පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘත ශරීරය පානදුර රෝහල වෙත යවා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එගොඩඋයන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.