Breaking

Post Top Ad

Saturday, April 11, 2026

කරාපිටිය දන්ත සායනයෙන් හමුවූ සෙරෙප්පු යුගලක පිරවූ මත්ද්‍රව්‍ය

 කරාපිටිය ජාතික රෝහලේ දන්ත වෛද්‍ය සායනය තුළ හිමිකරුවෙකු නොමැති රබර් සෙරෙප්පු යුගලක් තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය ඊයේ (10) සොයාගත් බව රෝහල් පොලිසිය සඳහන් කරයි.


රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය විසින් දන්ත සායනය තුළ අයිතිකරුවෙකු නොමැති සෙරෙප්පු යුගලක් ඇති බවට රෝහල් පොලිසියට දැනුම් දී තිබේ.


ඒ අනුව ස්ථානාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් සිදුකළ පරීක්ෂාවේදී එම සෙරෙප්පු යුගලයේ අඩිය සූක්ෂම ලෙස කපා සඟවා තිබූ අයිස් මිලිග්‍රෑම් 1700ක්, හෙරොයින් මිලිග්‍රෑම් 1620ක්, හෑෂ් මිලිග්‍රෑම් 690ක් සහ දුම්කොළ මිලිග්‍රෑම් 2110ක් හමු වූ බව පොලිසිය පවසයි.


මෙම සිද්ධියට සම්බන්ධව බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු ඊයේ දන්ත සායනය වෙත ගෙනැවිත් ඇති අතර, ඔහුට ලබාදීම සඳහා කිසියම් පුද්ගලයෙකු මෙම මත්ද්‍රව්‍ය සඟවා ඇති සෙරෙප්පු යුගල ගෙනවිත් තිබිය හැකි බවට සැක පළ කරයි.


සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

Post Top Ad

Pages