තුවාල ලැබූවන් අතර ශ්‍රී ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා සහ මගීන් දෙදෙනෙකු ඇතුළත් වන අතර, අනතුරෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති බවද වාර්තා වේ.
අම්බලන්තොට ඩිපෝවට අයත් මෙම බස් රථය හම්බන්තොට සිට කොළඹ දක්වා ධාවනය වෙමින් සිටියදී, ලෝඩර් යන්ත්‍රය වරාය පිවිසුමෙන් ඇතුළට පැමිණීමේදී වැරදි දිසාවෙන් ගමන් කිරීම අනතුරට හේතුව වී ඇති බව පරීක්ෂණ පවත්වන වරාය පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ සහ ලෝඩර් යන්ත්‍රයේ රියදුරන් දෙදෙනාම වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මෙහෙයවමින් පවතී.
රත්නපුර, බලංගොඩ මහවලතැන්න කජුවත්ත ප්රදේශයේ පිහිටි ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ බලංගොඩ, මහවලතැන්...