Breaking

Post Top Ad

Sunday, April 12, 2026

ලොතරැයි දිනුම අරන් ගෙදර එද්දි මගදී මරුට

 සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් දිනුම් ඇදින ලද රුපියල් ලක්ෂ දහයක ත්‍යාගය ලබා ගැනීමට මිතුරෙකු සමඟ යතුරුපැදියෙන් ගොස් ආපසු එමින් සිටියදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව හොරණ පොලීසිය සඳහන් කරයි.


මෙලෙස මියගොස් ඇත්තේ කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සම්මුගම් ආනන්ද නම් පුද්ගලයෙකි.


පොලිස් තොරතුරු අනුව, ඔහු 24 හැවිරිදි තරුණයෙකු සමඟ කොළඹ සිට හොරණ දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී, පොකුණුවිට පාලම අසලදී යතුරුපැදිය පාලනයෙන් තොරව මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබූ බෝක්කුවක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.


අනතුරෙන් පිටුපස ගමන් කළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තුවාල ලැබූ 24 හැවිරිදි පැදිකරු හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.


මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ උපදෙස් මත, රථ වාහන අංශයේ ස්ථානාධිපති විමල් ආනන්ද මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරගෙන යයි.

Post Top Ad

Pages