Breaking

Post Top Ad

Sunday, April 26, 2026

බස්රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

 

දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්‍රදේශයේදී බස්රථ දෙකක් එකිනෙකට ගැටී බරපතළ අනතුරක් සිදුව ඇත.


අද (26) පෙරවරු 9.20ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, එයට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (CTB) අයත් බස් රථයකි.


අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් නාලන්ද ප්‍රාදේශීය රෝහලට සහ මාතලේ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරුවන් අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.


මෙම සිද්ධියට අදාළව පෞද්ගලික බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, CTB බස් රථයේ රියදුරු පලා ගොස් ඇත.


අනතුර සිදුවූ අවස්ථාවේ කථානායකවරයාද මහනුවර මාර්ගය ඔස්සේ කොළඹ බලා ගමන් කරමින් සිට ඇති අතර, අනතුරින් තුවාල ලැබූවන් ඉවත් කර රෝහල්ගත කිරීම සඳහා ඔහු සහාය ලබා දී ඇති බව සඳහන් වේ.


සිද්ධිය සම්බන්ධයෙන් නාවුල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

Post Top Ad

Pages