Breaking

Post Top Ad

Friday, April 3, 2026

කැපුම් තුවාල සහිත මළ සිරුරු දෙකක් ගාල්ලේ නිවසකින් හමුවෙයි

 ගාල්ල තෙලිකඩ ප්‍රදේශයේ නිවසකින් කැපුම් තුවාල සහිතව මියගිය කාන්තාවකගේ හා පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු හමුවී තිබේ.


පොලිසිය සඳහන් කළේ, මෙම සිද්ධියේදී තුවාල ලැබූ තවත් කාන්තාවක් රෝහල් ගත කර ඇති බවයි.

මියගිය 35 හැවිරිදි පිරිමි පුද්ගලයා, තුවාල ලැබූ කාන්තාවගේ අනියම් සැමියා වන අතර, මියගිය 73 හැවිරිදි කාන්තාව ඇයගේ මව බවද හඳුනාගෙන ඇත.


මෙම මියගිය දෙදෙනාම එම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, පවුල් ආරවුලක් මූලික කරගෙන තියුණු ආයුධයකින් සිදු කළ පහරදීම් හේතුවෙන් මෙම ඝාතන සිදුවී ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.


වීඩියෝ නරඹන්න 👇👇👇

Post Top Ad

Pages