නුවරඑලිය ලබුකැලේ වතුයායේ අධික වර්ෂාව සමඟ අකුණුසැරක් යු කැලිප්ටස් ගසකට පතිත වීමෙන්, එම ස්ථානය අසළින් ගමන් කරමින් සිටි තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපයක් තුළ නුවරඑලිය ප්‍රදේශයේ පැවති වියළි සහ උෂ්ණත්වය ඉහළ කාලගුණ තත්ත්වය අවසන් කරමින්, ඊයේ (02) දින පස්වරු 3.00 සිට 4.00 අතර කාලය තුළ තද වැසි වැටී ඇත.
මෙම වියළි කාලගුණය හේතුවෙන් නුවරඑලියේ එළවළු සහ තේ වගාවට දැඩි බලපෑම් එල්ල වූ අතර, ප්‍රදේශය පුරා පානීය ජල හිඟයක්ද ඇතිව තිබූ බව සඳහන් වේ.
වීඩියෝ නරඹන්න 👇👇👇
