Breaking

Post Top Ad

Friday, April 10, 2026

මතුගම ‘කට්ටා’ පොලිස් සිරමැදිරියේ දොර තල්ලු කරමින් පලා යයි

 මතුගම මූලස්ථාන පොලිසියේ සිරමැදිරියක රඳවා සිටි සැකකරුවෙකු, පොලිස් සැරයන්වරයා සිරමැදිරියේ දොර විවෘත කළ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.


ඊයේ (08) රාත්‍රී සිදුවූ මෙම සිද්ධියේදී පලා ගොස් ඇත්තේ “මතුගම ඉද්දගොඩ කට්ටා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 29 හැවිරිදි පුද්ගලයෙකි.


අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2200ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි මෙම සැකකරු, බීමත්ව රිය පැදවීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයෙකු සිරමැදිරියට ඇතුළත් කිරීමට නිලධාරියා දොර විවෘත කළ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තිබේ.


එහිදී සැකකරු හදිසියේම පොලිස් සැරයන්වරයා තල්ලු කරමින් සිරමැදිරියෙන් පිටතට පැන පලා ගොස් ඇති බව වාර්තා වේ.


රාත්‍රී උපසේවක නිලධාරියා ලෙස රාජකාරී කළ පොලිස් සැරයන්වරයා සැකකරු අල්ලා ගැනීමට උත්සාහ කළද, ඔහු අඳුරේ නොපෙනී පලා යාමට සමත් වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.


පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Post Top Ad

Pages