Breaking

Post Top Ad

Wednesday, April 8, 2026

පුවක්ගහවෙලදී ඉන්ධන පිරවූ බවුසරයක් පෙරළෙයි

 

බදුල්ල–කොළඹ ප්‍රධාන මාර්ගයේ පුවක්ගහවෙල ප්‍රදේශයේදී ඉන්ධන පිරවූ බවුසර් රථයක් පෙරළී අනතුරකට ලක්ව තිබේ.


අද (07) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, කාර්මික දෝෂයක් මීට හේතුව වී ඇති බව වාර්තා වෙයි.


අනතුරෙන් බවුසර් රථය මාර්ගය මැද පෙරළී ගොස් ඇති අතර, එහි ඉන්ධන ලීටර් 33,000ක් පමණ තිබූ බව සඳහන් වේ.


රථය පෙරළීමත් සමඟ එහි තිබූ ඉන්ධන මාර්ගය පුරා පැතිර ගොස් ඇති අතර, එය එක් රැස් කිරීමට මිනිසුන් භාජන රැගෙන එම ස්ථානයට පැමිණ සිටින අයුරුද දක්නට ලැබුණි.

Post Top Ad

Pages