Breaking

Post Top Ad

Wednesday, April 8, 2026

කෙසෙල්ගමු ඔයෙන් කාන්තා මළ සිරුරක් හමු වෙයි

 

කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ හඳුනාගත නොහැකි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.


කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ මෙම මළ සිරුර හමුවූ බව නෝර්වුඩ් පොලීසිය සඳහන් කරයි.


නෝර්වුඩ්–බගවන්තලාව–මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් පාලමට පහළින් කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් අනුව පොලීසිය මෙම සිරුර සොයාගෙන ඇත.


මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර, හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ගේ සහයෝගයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව නෝර්වුඩ් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Top Ad

Pages