Breaking

Post Top Ad

Wednesday, April 8, 2026

පුංචි ෆාතිමාට මරු කැදවූ මාරක අනතුර

 ගාල්ල–කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව නාරිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ දරුණු රිය අනතුරකින් වයස අවුරුදු 6ක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.


කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථය බස් රථයක ගැටී ඇති අතර, මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව හික්කඩුව පොලීසිය සඳහන් කරයි.


මෙලෙස මියගොස් ඇත්තේ වැව්රුකන්නල, සව්රිද් මාවතේ පදිංචි ෆාතිමා අලීදා නම් කුඩා දියණියකි.


අනතුර සිදුවීමට ත්‍රිරෝද රථ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.


අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් CCTV කැමරා දර්ශනද ලැබී ඇති අතර, ඒවායේ සිද්ධිය පැහැදිලිව සටහන්ව තිබේ.

Post Top Ad

Pages