මාරවිල ලංසිගම මුහුදු තීරයේ ගල් වැටියක් අසල දිය නාමින් සිටි පාසල් සිසුවෙකු අද (07) පස්වරුවේ මුහුදු රළ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී තිබූ අතර, පැය තුනකට පසු ඔහුගේ සිරුර සොයාගෙන ඇති බව මාරවිල පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ නාත්තණ්ඩිය, අක්කර 80 ප්‍රදේශයේ පදිංචි, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 16 හැවිරිදි සිසුවෙකි.
පාසල් මිතුරන් සිව් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් පස් දෙනෙකු මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරකට ගසාගෙන ගොස් ඇති අතර, එයින් සිව් දෙනෙකු දිවිබේරාගෙන ගොඩට පැමිණ ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.