Breaking

Post Top Ad

Friday, April 3, 2026

ත්‍රිරෝද රථ රියදුරකු ඝාතනය කර සූසාන භූමියක වළ දමලා

 

මීට වසර එකහමාරකට පමණ පෙර පානදුර ප්‍රදේශයෙන් අභිරහස් ලෙස අතුරුදන් වූ 31 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර ඔහුගේ මළ සිරුර හොරණ ප්‍රදේශයේ සූසාන භූමියක වළ දමා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.


අප වාර්තාකරු සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.


මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා පානදුර, කිරිබේරිය, ගල්පොත්ත පාරේ පදිංචිව සිටි ඇලකාවගේ සඳුන් උදාර අල්විස් (31) ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ‘කුඩු සළිඳු’ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙහෙයවූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක රජයේ සාක්ෂිකරුවකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලිසිය සඳහන් කරයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ, ඝාතනයෙන් පසු සිරුර හොරණ තිබ්බටුගොඩ සූසාන භූමියේ වළ දැමූ බවයි.


සැකකරුවන් පානදුර මාලමුල්ල බටහිර සහ ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 44 සහ 64 අතර පුද්ගලයන් දෙදෙනෙකු බවට පොලිසිය වැඩිදුරටත් පැවසීය.

වීඩියෝ නරඹන්න 👇👇👇

Post Top Ad

Pages