Breaking

Post Top Ad

Saturday, April 18, 2026

ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටී හමුදා සෙබළෙකු මරුට

 මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටීමෙන් ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකදී යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.


මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ ජනකගම, මාදිවෙල ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකි බව පොලීසිය සඳහන් කළේය.


මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Post Top Ad

Pages