වැලිගම, පරණකඩේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (17) රාත්‍රියේ තරුණයෙකු ඝාතනය කර තිබේ. මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ පරණකඩේ, වැලිගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයා තම මව, පියා, සහෝදරයින් දෙදෙනා සහ මවගේ වැඩිමහල් සහෝදරයා සමඟ එකම නිවසේ ජීවත්ව සිට ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය තරුණයා සහ මවගේ වැඩිමහල් සහෝදරයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, එම වැඩිමහල් සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ 58 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.