පොල්ගහවෙල, බංගලාවත්ත ප්‍රදේශයේ ඉඩමක් තුළ සිදුවූ විදුලි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 සහ 35 අතර වූ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
මූලික විමර්ශන අනුව, වගා භූමිය සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා අනවසරයෙන් ස්ථාපිත කළ විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව හෙළිවී ඇත.
සිද්ධියට සම්බන්ධයෙන් එම ඉඩමේ මුරකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ පොල්ගහවෙල පොලීසිය විසින් සිදු කරයි.