ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි සැක මත කුලී රථ රියැදුරෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වූ තරුණයෙකු වන අතර, ඔහු සරසවි සිසුවෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. අදාළ විදේශික කාන්තාව කුලී රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බවද වාර්තා වේ.
සිද්ධිය පිළිබඳව වහා ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල ප්‍රියංකර මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින්, පොලිස් සැරයන් ජයන්ත, කාන්තා පොලිස් සැරයන් ලක්මාලි සහ පොලිස් සැරයන් ප්‍රේමරත්න යන නිලධාරීන් සමඟ එක්ව සැකකරු සහ අදාළ රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.