චීනයේ පැවැත්වෙන ලොව විශාලතම “නිවුන් උළෙල - 2026” සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නිවුන් කණ්ඩායම චීනය බලා පිටත්ව ගොස් ඇත.
ලෝකයේ රටවල් 70කට අධික ප්‍රමාණයකින් නිවුන් ලක්ෂයකට වැඩි පිරිසක් මෙම උළෙලට සහභාගී වීමට නියමිතය. මෙම උළෙල චීනයේ මෝජෑන් (Mojiang) නගරයේදී අප්‍රේල් 30 දින සිට මැයි 4 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම, මෙරට අනන්‍යතාවය ප්‍රදර්ශනය කරමින් නර්තන, ගීත, කවි සහ කථා වැනි විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.